දරුණු දෙමුහුන් කොරෝනා ප්‍රභේදයක්. නව රෝගීන් 25ක් හමුවෙයි..

Corona Sri Lanka Delta Omicron New Covid viruses Siprase
By Aruna Jan 10, 2022 01:10 AM GMT
Report

ඩෙල්ටා සහ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයන් එකට එකතුවීමෙන් සෑදුනු දෙමුහුන් වික්‍රියාව ආසාදනය වූ ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබෙනවා.

මෙම දෙමුහුන් වික්‍රියාවට "ඩෙල්ටක්‍රෝන්' ('Deltacron) ලෙස නම් තබා ඇති අතර එම ආසාදිතයින් පළමු වරට හඳුනා ගෙන ඇත්තේ සයිප්‍රසයෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

සයිප්‍රස් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලියොනිඩෝස් කොස්ට්‍රිකිස් පැවසුවේ මෙම දෙමුහුන් වික්‍රියාවේ ජාන ව්‍යුහය ඔමික්‍රෝන් ප්‍රභේදයට සමාන බවත් එහි ජෙනෝම ඩෙල්ටා ප්‍රභේදයට සමානකමක් දක්වන බවයි.

කොවිඩ් ආසාදනයකදී සාමාන්‍යයෙන් රෝගියෙකුගේ සිරුරට ඇතුළත් වන්නේ එක් ප්‍රභේදයක් වුවත් මෙය අතිශයින්ම දුර්වල අවස්ථාවක් බවයි විද්‍යාඥයින් පවසන්නේ.

එමෙන්ම මෙම දෙමුහුන් වෛරස් වික්‍රියාව හරහා DNA හුවමාරුවීමක් වීමෙන් ඉදිරියේදී ඉතා දරුණු ගණයේ නව කොවිඩ් ප්‍රභේදයක් ඇතිවීමේ අවධානමක් ඇතිවිය හැකි බවයි විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ.

දැනට වාර්තා වන දෙමුහුන් 'ඩෙල්ටක්‍රෝන්' වික්‍රියාව ආසාදනය වූ ආසාදිතයින් 25 දෙනා ගෙන් 14 දෙනෙකු මේ වන විටත් කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගතව සිටින පුද්ගලයින් වන බවත් සෙසු 11 දෙනා සමාජයෙන් හමුවූ ආසාදිතයින් බවයි සයිප්‍රස් වෛද්‍ය පර්යේෂකයින් සඳහන් කර සිටින්නේ.

සයිප්‍රස් විද්‍යාඥයින් විසින් සිය නව සොයා ගැනීම සම්බන්ධයෙන් වන තොරතුරු ජාත්‍යන්තර දත්ත ගබඩාව වෙත යොමු කොට ඇති බවත් මෙම දෙමුහුන් විකෘති කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යනය කළ යුතු බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now