අද මෙරට කොරෝනා ආසාදිත ගණන එකවරම ඉහළ යයි..යළි රට වහන්න වෙයි?..

Corona Sri Lanka Covid death Covid patient
By Aruna Jan 23, 2022 03:15 PM GMT
Report

ශ්‍රී ලංකාවෙන් තවත් නව කොරෝනා ආසාදිතයින් 838 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා අසාදිතයින් ගණන 601,886ක් වනවා.

කෙසේවෙතත් අද දිනය වන විට වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9,650ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,299ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 182 දෙදෙනකු අද (23) දිනයේ දී සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ සමග මෙරට වෛරසය ආසාදිතව සුවය ලද සමස්ත සංඛ්‍යාව 576,114ක්.

මෙරටින් ඊයේ (23) දින විට වාර්තා වූ සමස්ත වෛරස ආසාදිතයින් ගණන ද 600,000 සීමාව ඉක්මවා ගියේ, එය 601,886ක් බවට පත් කරමින්.

මේ අතර මෙරට වේගයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

වෛද්‍ය අන්වර් හම්දානි මහතා, "ඔමික්‍රෝන් සංඛ්‍යාව 250ත් 270ත් අතර වාර්තාවීමකට යටත් වෙනවා.

මේ වෙද්දි සක්‍රීයව රෝහල්වල ප්‍රතිකාර ගන්නා සංඛ්‍යාව දළ වශයෙන් 5,400ක් වගේ වෙනවා. ඇඳවල් ධාරිතාවයෙන් 40%ක පමණ රෝගීන් දැන් ප්‍රතිකාර ලබාගන්නවා.

රෝහල්ගතවීම 10% වගේ ඉහළ ගිහින්. දෛනික ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව 8%කින් වැඩිවෙලා.

ඉදිරියේදී එන්නත් සම්බන්ධයෙන් නීති රාමුවක් තුළ කටයුතු කරන්න බලාපොරොත්තුවෙනවා."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now