මෙරට සහල් නිෂ්පාදකයින්ට බඩේ පහර ද? - රජයෙන් නව චීන හාල් මෝලක්.
අඟුණකොළපැලැස්ස ජඳුර ප්‍රදේශයට නව තාක්ෂණයෙන් යුත් සහල් මෝලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ,නව තාක්ෂණයෙන් යුත් සහල් මෝලක් ලබා දීමට චීනයේ හයිනෑන් ප්‍රාන්ත රජය එකඟතාවය පළ කළ බවයි.
සහල් නිෂ්පාදනය සඳහා දැවැන්ත ඒකාධිකාරයක් පවතින අතර සහල් මිල තීරණය කරන්නේ එම ඒකාධිකාරයේ සිටින සහල් මෝල් අයිතිකරුවන් කිහිප දෙනෙක් විසින් බවත්, මෙම අධිකාරය බිදීමට නම් රජය සතුව ඉහළ තාක්ෂණයෙන් යුත් සහල් මෝල් කිහිපයක් ක්‍රියාත්මක කළ යුතු බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
ඒ,අනුව ඔහු වැඩි දුරටත් පවසන්නේ, රජයට එම කාර්ය තනිවම කළ නොහැකි නිසා ජඳුර හා ගුරුවල තරුණ පිරිස යොදා ගනිමින් චීන සහල් සැකසීම් මධ්‍යස්ථානය සඳහා සමුපකාර වැඩ පිළිවෙළක් අපි සකස් කරන බවයි.
එමඟින් චීන සහල් මෝල මගින් සමස්ත දකුණු පළාතේම නිෂ්පාදනය කරන වී සහල් බවට පත් කර රටපුරා බෙදා හැරීමට හැකි වන බව අමාත්‍යවරයා කියා සිටියේ.