අල්ලස් කොමිසමට නවතම සාමාජිකයින් - අලුත්ම පිරිස මෙන්න..

Government Of Sri Lanka Bribery Commission Sri Lanka Sri Lanka Government
By Sewvandhi Dec 28, 2023 09:55 AM GMT
Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයින් පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇති බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව, එහි සභාපතිවරයා ලෙස විනිසුරු ඩබ්.එම්.එන්.පී. ඉද්දවල ද, සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ බර්නාඩ් රාජපක්ෂ යන මහත්වරුන් පත් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ, 2024 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම් සිදු කර ඇති බවයි.