ජනතාවට හොදම කෑම කන්න රජයේ ආපනශාලා විවෘත වෙයි.

Ministry of Health Sri Lanka Healthy Food Recipes Srilanka Bus
By Sithumini Mar 27, 2025 05:09 PM GMT
Report


ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබාගැනීමේ අවස්ථාව සලසාදීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම්කර තිබෙනවා.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්වී දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබාගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු ආදර්ශ ආපන ශාලාව අප්‍රේල් 01 වනදා නාරාහේන්පිටදී විවෘත කිරීමට නියමිතයි.

මේ අතර දැනට පවත්වාගෙන යන ආපනශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහනක් මෙහි දෙවන අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.