අලුත් ඇමැති මණ්ඩලය අද සවස දිවුරුම් දෙයි? ඇමැති ධුර ලැබෙන අය මෙන්න!!!

Sri Lanka Political Mahinda Rajapakshe Gotabaya Rajapakshe Basil Rajapakshe Dinesh gunawardhane Pawithrawanniwarachchi
By Aruna Apr 08, 2022 02:52 AM GMT
Report

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරිපිට අද (8 වැනිදා) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව මෙතෙක් ඇමැති ධුර හිමිවූ මන්ත්‍රිවරුන් රැසකට ඇමැති ධුර අහිමි වන බවයි වාර්තා වන්නේ.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉවත් වීමෙන් පසු එම ඇමැති ධුරයට පත්කළ හිටපු අධිකරණ ඇමැති අලි සබ්‍රි ද තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත.

එහෙත් එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා මෙතෙක් භාර ගෙන නොමැති බවද පැවැසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සඳහා සාකච්ඡා අවසන් කරන තුරු ඇමැති ධුරයේ රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා අලි සබ්‍රිට දැනුම් දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග අනාවරණය කරයි.

කෙසේවෙතත් මුදල් ඇමැති ධුරයට හිටපු වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පත්කරන බව මාධ්‍ය වාර්තා කර තිබුණත් එය අසත්‍ය පුවතක් බවද එම ආරංචි මාර්ග තහවුරු කරයි.

විදුලිබල ඇමැති ධුරයට හිටපු ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියම පත්කිරීමට නියමිතයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඒකාබද්ධ කර ඇමැති ධුරයක් නිර්මාණය කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත්ව ඇත.

ඇමැති ධුර පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ (7 වැනිදා) රාත්‍රිය වනතුරුම ජනාධිපති කාර්යාලයේ සාකච්ඡා පැවැත්විණි.

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අදට (8 වැනිදා) දින හයක් ගතවනවා.

මේ වනවිට මහාමාර්ග, අධ්‍යාපන හා විදේශ කටයුතු යන විෂය ක්ෂේත්‍ර සඳහා පමණක් ඇමැතිවරුන් පත්කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now