ඊයේ දිවුරපු ඇමතිවරු අතරින් කවුරුත් නොදන්න කතාවක් එළියට එයි..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලයේ විශේෂතා කිහිපයක් දක්නට ලැබෙනවා.
ඒ අනුව එහි පළමු වැන්න ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා පිරිමි පුද්ගලයින් වීමත් දෙවැන්න ලෙස අද දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේ 17 දෙනා අතරින් 10 දෙනෙකු ම මීට පෙර දේශපාලකයින් ලෙස කටයුතු කළ පුද්ගලයින්ගේ පුතුන් හෝ සහෝදරයින් වීමත් විශේෂයි.
ඉන් අමාත්‍යවරුන් 9 දෙනෙකු දේශපාලකයින් පුතුන් වන අතර එක් අයෙකු සහෝදරයෙද වෙනවා.
ඒ අනුව,
දිනේෂ් ගුණවර්ධන (පිලිප් ගුණවර්ධනගේ පුතා) ,
රමේෂ් පතිරණ (රිචර්ඩ් පතිරණගේ පුතා) ,
ප්‍රසන්න රණතුංග (රෙජී රණතුංගගේ පුතා) ,
දිලුම් අමුණුගම (සරත් අමුණුගමගේ ඥාති පුත්‍රයෙක්) ,
කනක හේරත් (මහීපාල හේරත්ගේ පුතා) ,
විදුර වික්‍රමනායක (රත්නසිරි වික්‍රමනායකගේ පුතා) ,
ෂෙහාන් සේමසිංහ (එච්.බී. සේමසිංහගේ පුතා) ,
කංචන විජේසේකර (මහින්ද විජේසේකරගේ පුතා) ,
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ පුතා) ,
තේනුක විදානගමගේ (අනුර විදානගමගේගේ සහෝදරයා)
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, සිස්ටම් චේන්ජ් එකක් කිරීම සඳහා මෙය හොඳ අවස්ථාවක් වනු ඇති බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |