නව කැබිනට් මණ්ඩලය අලුත් මූණු වලින් පිරෙයි.. ඉතිහාසේ පළමු වතාවට සිදුවූ දේ..

Dilum amunugama Prasanna ranathunga Mahinda Rajapakshe Gotabaya Rajapakshe Janaka wakkubura Ramesh pathirana Dinesh gunawardhane New cabinet ministers Kanaga herath
By Aruna Apr 18, 2022 05:56 AM GMT
Report

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් මීට ස්වල්ප මොහොතකට පෙර (18) දිව්රුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද උදෑසන 10.30ට පමණ ජනාධිපති මන්දිරයේ දීයි.

ඒ අනුව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන පත් කර තිබෙනවා.

මීට පෙර ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ දිව්රුම් දී ඇත්තේ, ඔහුගේ පෙර ධුරය වූ වැවිලි රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි.

මහජන ආරක්ෂක අමාත්‍ය සහ සංචාරක අමාත්‍ය ධුරය හිමිව ඇත්තේ අමාත්‍ය ප්‍රසන්න රණතුංගටයි.

ප්‍රවාහන අමාත්‍ය ධුරය දිලුම් අමුණුගමටත්, ලෙස මහාමාර්ග අමාත්‍ය ලෙස කනක හේරත් දිව් රුම් දෙනු ලැබුවා.

මීට පෙර මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු කැබිනට් මණ්ඩලයෙන් එළියට විසී වී තිබෙනවා.

මහාචාර් ය චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ආචාර් ය නාලක ගොඩහේවා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිව් රුම් දුන්නා.

එම තනතුරුවල පෙර කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල සහ ඩලස් අලහප්පෙරුමට ද සිය කැබිනට් අමත්‍ය ධුර අහිමි වුණා.

නව වෙළෙඳ අමාත්‍යවරයා ලෙස සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ලෙස තවමත් කටයුතු කරන ෂෙහාන් සේමසිංහට හිමිවුණා.

ඒ හිටපු වෙළෙඳ අමාත්‍ය ආචාර් ය බන්දුල ගුණවර්ධන වෙනුවටයි.

මෙවර නව කැබිනට්ටුවේ දොරගුලු බන්දුල ගුණවර්ධනට ද අහිමි වී තිබෙනවා.

ජානක වක්කුඹුර මන්ත්‍රීවරයා හට කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ධුර හිමි වුණා.

විදුර වික්‍රමනායකට හිමිව ඇත්තේ හිටපු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලගේ ධුරයයි.

තේනුක විදානගමගේ හට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය ධුරය හිමිව ඇති අතර, නාමල් රාජපක්ෂගෙන් එම ධුරය ගැලවී ගොස් තිබෙනවා.

ඒ අනුව නව කැබිනට්ටුවේ නාමල් රාජපක්ෂ හට ද අමාත්‍ය ධුරයක් හිමි වුණේ නැහැ.

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස විමලවීර දිසානායක තේරී පත්ව ඇති අතර, මොහාන් ප්‍රියදර්ශන ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස දිව් රුම් දුන්නා.

කංචන විජේසේකර අමාත්‍යවරයා බලශක්ති හා විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට අද සිය නව ධුර භාර ගැනුණා.

ධීවර අමාත්‍යවරයා ලෙස පෙර සිය ධුරයේ කටයුතු කළ ඩග්ලස් දේවානන්දාටම හිමිව තිබෙනවා.

නසීර් අහමඩ් හට පරිසර අමාත්‍ය ධුරය හිමිව ඇත්තේ මහින්ද අමරවීර අමාත්‍යවරයාට එම ධුරය අහිමි වීමෙනුයි.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හට වරාය හා නාවික අමාත්‍ය ධුරය හිමි වුණා.

තව දුරටත් නව කැබිනට් අමාත්‍යවරු සහ අමාත්‍යංශ පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery