ජනපති අද 10.30ට කරන්න යන දේ මෙන්න..ජාත්‍යන්තරයෙත් අවධානයට ලක්වෙයි.

Sri Lanka Parliament Political Mahinda Rajapakshe Gotabaya Rajapakshe New cabinet ministers
By Aruna Apr 18, 2022 03:40 AM GMT
Report

කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු පමණ අද පෙරවරු 10.30ට ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සදහා සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමැතිවරුන්ගේ හමුවේ දී ප්‍රකාශ කර තිබුණා.

තමා කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවත්,ඉන් පිටස්තර ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ හිටපු අමාත්‍යවරුන් අතර හමුව ජනාධිපති මන්දිරයේදී පසුගියදා පැවැත්විණි .

ඇතිව තිබෙන අර්බුදය හමුවේ රජයේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

තමන්ට ඇමතිධූර අනවශ්‍ය බවත්, තරුණ පිරිසක් පත්කර කැබිනට් මණ්ඩලයේ කටයුතු පවත්වා ගෙන යන ලෙය හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකු එහිදී ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අද පත්කරන කැබිනට් මණ්ඩලය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද අවධානයට යොමුව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now