නව ආණ්ඩුවේ පළමු කැබිනට් දැනුම් දීම් මෙන්න..

By Sithumini Oct 01, 2024 01:20 PM GMT
Report


මහ මැතිවරණය සඳහා රු:බි:11ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය. රු:බි:5ක් දැනටමත් වෙන්කර ඇති අතර, 2025 අයවැයෙන් බි:6ක් වෙන් කෙරෙන බව කැබිනට් ප්‍රකාශක දැනුම් දුන්නා.

රජය IMF ගිවිසුම ගැන එහි නියෝජිතයන් සමඟ හෙට සාකච්ඡා නොකරන අතර එහි ප්‍රගතිය සමාලෝචනය කර, නිව්යෝර්ක්හි පැවැත්වෙන රැස්වීමේදී එකඟතා පිළිබඳ සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක දැනුම් දුන්නා.

මේ අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජනරාල් ලෙස නිලූෂා බාලසූරිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනපතිගෙන් උපදෙස් හිමිව තිබෙනවා.