ඉංග්‍රීසි සහ ක්‍රීඩා ගුරුවරුන්ට නව පත්වීම් ලබාදීම ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්. - (VIDEO)
මෙරට පාසල් වල ඉංග්‍රීසි විෂයට අදාළ ගුරුවරුන්ට පත් වීම් ලබා දීමේදී සහ ක්‍රීඩා පුහුණු ගුරු පත්වීම් ලබා දීමේ දී පවතින ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත අද (13) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වුවා.
ඒ, මෙලෙසින්,
"ඉංග්‍රීසි විෂයට අදාළ ගුරුවරුන්ට 2021 ඩිප්ලෝමාධාරීන් 500ක් බඳවා ගැනීමට තිබූ විභාගයේ ප්‍රතිඵල අනුව තමයි දැන් පත්වීම් දෙන් වෙලා තියෙන්නේ. එම නිසා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වාගෙන යනවා. 100ක් ජාතික පාසල්වලට 400ක් ග්‍රාමීය පාසල්වලට. එකක් තියෙන්නේ යම් ප්‍රශ්නපත්‍රයක ප්‍රමිතිය පවත්වාගෙන යන්නත් ඕනේ. ගුරුවරු නැති දරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙමයි කියලා ප්‍රශ්නපත්‍රයක ප්‍රමිතිය අඩුකරන්න බෑ. කරුණු ගැන සැලකිල්ලට අරන් සාම්පල් මාර්ක් එකෙන් පස්සේ ඒ දරුවන් ගැන අවශ්‍ය පියවර ගන්නවා කියලා විභාග කොමසාරිස්වරයාදැනුම් දුන්නා. "
"සාමාන්‍යයෙන් ක්‍රීඩා ගුරුවරු බඳවා ගත්තේ විද්‍යාපීඨවලින්. ක්‍රීඩා පුහුණුකරුන් විදියට 3,000කට පමණ පත්වීම් ලබා දුන්නා දැන් අවරුදු කිහිපයකට පෙර. නමුත් ඒ දිලා තියෙන්නේ අනධ්‍යයන කාර්යමණ්ඩලවලට. ගුරු වෘත්තියට නෙමෙයි. කොහොම වුණත් ඒ අය ගුරුවෘතීයට බඳවා ගැනීමට අවශ්‍ය ගුරු සේවා ව්‍යවස්තාවට අදාළ සුදුසුකම් සපුරා තියෙනවා ද කියලා බලලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන්න උපදෙස් දෙන්නම්."