ශරීය පුරා පැතිරයන අති භයානක රෝගයක් ලංකාවෙන්..මේ අය දරුවන් හදන්න එපා..
තශරීරය පුරා බාහිරව මෙන් ම අභ්‍යන්තරවත් ගැටිති හා ගෙඩි විශාල ප්‍රමාණයක් ඇතිවන 'නියුරෝෆයිබ්රොමැටොසිස්' (neurofibromatosis) රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩුලිප් පෙරේරා පවසනවා.
රට පුරා විසිර සිටින මෙම රෝගීන් පිළිබඳව නිසි සංගණනයක් හෝ රෝගය පැතිර යාම අවම කිරීම වෙනුවෙන් කිසියම් වැඩපිළිවෙළක් සැකසීම සඳහා සෞඛ්‍ය අංශ පියවර ගෙන නැතැයි හෙතෙම චෝදනා කළා.
අවම වශයෙන් ශ්‍රී ලංකාවේ එම රෝගය වැළඳුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව කොපමණ දැයි සෞඛ්‍ය අංශ සොයා බලා නැතැයි ද ඔහු කියා සිටියා.
තැලසීමියා රෝගය පිළිබඳ සිදු කරන දැනුවත් කිරීම්වලට වඩා වැඩි ඉඩක් මෙම රෝගය පිළිබඳව දැනුවත් කිරීමට ලබා දිය යුතු යැයි කී විශේෂඥ වෛද්‍ය ඩුලිප් පෙරේරා ඊට හේතුව ලෙස පෙන්වා දුන්නේ, තැලසීමියා රෝගය මෙන් ම නොව නියුරෝෆයිබ්රොමැටොසිස් රෝගයේදී මව ත්, පියා ත් දෙදෙනාට ම හෝ එක් අයෙකුට හෝ මෙම රෝගය තිබුණහොත් දරුවන් සියලු දෙනා අනිවාර්යයෙන් රෝගීන් බවට පත්වන බව යි.
මෙය ස්නායු හා සම්බන්ධ රෝගයක් වන අතර එහිදී ස්නායු ගැට ගැසෙමින් විශාල වෙමින් පවතින බව ත් කපා ඉවත් කිරීමට හැකියාව ඇති ගැටිති මෙන් ම එසේ ඉවත් කළ නොහැකි ගැටිතිත් පැවතිය හැකි බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
මෙම ගැටිති ශරීර මතුපිට මෙන් ම ශරීරය තුළ ඕනෑ ම ග්‍රන්ථියක ඇතිවිය හැකි බව ද සඳහන් වුණා.
ප්රමුඛ ජාන මගින් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන මෙම රෝගයේ ලක්ෂණ දරුවන් බාල කාලයේ නොපෙනී තිබුණත් වයසින් වැඩෙත් ම රෝග ලක්ෂණ මතු වන බවත් වැඩිදුරටත් සඳහන්.
විශේෂයෙන් මෙවන් තරුණ තරුණියන් විවාහ වූ පසු දරුවන් බිහි නොකළ යුතු යැයි ද එයින් සිදුවන්නේ මෙම රෝගීන් සංඛ්‍යාව වැඩිවීම යැයිද ,මෙවන් රෝගීන්ට දරුවන් සාදා නොගන්නා ලෙසට වෛද්‍යවරු අනිවාර්යයෙන් ම අවවාද කළ යුතු යැයි ද වෛද්‍යවරයා අවසාන වශයෙන් පවසා සිටියා.
උපුටා ගැනීමක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |