මැරුණු පූසෙකුට අසල්වැසියන් ගුටි කෙළියක - (VIDEO)

Sri Lanka Police Colombo Sri Lanka Police Investigation Latest Headlines
By Sewvandhi Feb 23, 2024 09:50 AM GMT
Report

ඊයේ (22) රාත්‍රියේ නිවසක සුරතලයට ඇතිකළ බළලෙකු අසල්වැසි නිවසේ ලොරි රථයට යටවී මියයාමේ සිද්ධියක් මුල්කරගනිමින් අතුරුගිරිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.

ලොරි රථයකින් කඩු රැගෙන පැමිණි පිරිසක් නිවසකට අලාභහානි සිදුකර ඇති අතර පහරදීමෙන් අසල්වැසි නිවසක පුද්ගලයෙකුට ද තුවාල සිදු වූ බවයි, ප්‍රදේශවාසීන් පවසන්නේ.

ඊයේ රාත්‍රී 8ට පමණ අතුරුගිරිය - බක්මීගහ පාර ප්‍රදේශයේ දී මෙම දෙපිරිසක් අතර බහින්බස්වීමක් ඇතිවී ඇති අතර එය දුරදිගයාමෙන් මෙම ගැටුමක් සිදුවී තිබුණි.

අසල්වැසි නිවසේ සිටින කුඩා දරුවෙකු විසින් සිය නිවසේ හුරතලයට ඇති කරන බළලාව ඔහුගේ නිවසට රැගෙන ගොස් ඇති බවත් එම අවස්ථාවේදී ඔවුන්ගේ ලොරි රථයට යටවී බළලා ගිය ගොස් සිටි බවත්, නිවෙස්හිමි කාන්තාව පැවසුවා.

නිවෙස්හිමි කාන්තාව වැඩදුරටත් පැවසුවේ, සිය සුරතල් බළලා මියායාම සම්බන්ධයෙන් තමන් දෝෂාරෝපනය කළ අතර ඉන් පසුව අදාළ පිරිස පැමිණ මෙම පහරදීම සිදුකළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අතුරුගිරිය පොලීසියට සිදුකර ඇති පැමිණිලි මත වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.