ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහගේ දේහය දිවයිනට (PHOTOS)

Italy singer Funeral Neela wickramasinghe
By Sewvandhi Jan 27, 2022 04:28 PM GMT
Report

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය අද (27) රාත්‍රියේ දී දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ ඉතාලියේ මිලානෝ නුවර සිටයි.

අද රාත්‍රී 9.10ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත දේහය රැගත් ගුවන් යානය මෙරටට ළගා වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව දේහය ඇයගේ නිවස පිහිටි කොළඹ - පැපිලියාන වෙත රැගෙන යනු ඇති.

පසුගිය දා ඇය ඉතාලියේ මිලානෝ නුවර දී අභාවප්‍රාප්ත වූයේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්.

57 හැවිරිදි වියෙහි පසු වූ ඇය මියයන විට ඉතාලියේ ශ්‍රී ලංකානු කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery