පරිසර පුටුවේ දිවුරුම් දුන්නාට නසීර් අහමඩ් ට විනය ක්‍රියාමාර්ග

Sri Lanka politics parliament Rauf Hakeem NazeerHammad
By Sewvandhi Apr 18, 2022 03:55 PM GMT
Report

පරිසර අමාත්‍යධූරයේ දිවුරුම් දුන් නසීර් අහමඩ් මහතා පක්ෂ‍ විනය කඩකර ඇති බවත්, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

පක්ෂ නායකයන් ලබන සිකුරාදා (22) රැස්වී ඔහුට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවද හකිම් මහතා සඳහන් කරයි.

මේ අතර,පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා ද රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දී ඇත.

ඒ අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය. සුරේන් රාඝවන් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now