ජීවිත 7ක් බිලිගත් නානුඔය බස් අනතුරේ රියදුරාට අධිකරණය දුන් නියෝගය

Nuwara Eliya Sri Lanka Accident
By Sewvandhi Feb 02, 2023 06:07 AM GMT
Report

නානුඔය - රදැල්ල කෙටි මාර්ගයේ දී පසුගිය දා සිදුවු මාරක රිය අනතුර සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි බස් රියදුරු ඇප මත මුදාහැර තිබේ.

අද දින යළිත් එම නඩුව නුවරඑළිය මහෙස්ත්‍රාත් නාලක සංජීව එදිරිසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී රු 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරුට ඇප ලබාදීමට නියෝග කර ඇත.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ හොරණ කුඩුඋදුව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙකි. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් නුවරඑළියේ අධ්‍යාපන චාරිකාවක නිරතව නැවත කොළඹ බලා බස් රථ 7කින් පැමිණෙමින් සිටියදී එක් බස් රථයක් නුවරඑළිය නානුඔය ප්‍රදේශයේදී අනතුරට ලක්වුණි.

අධික වේගයෙන් ධාවනය වූ බස් රථය ඉකුත් සිකුරාදා රාත්‍රියේ වෑන් රථයක හා ත්‍රිරෝද රථයක ගැටී අනතුරට ලක් වූ අතර ඉන් වෑන් රථයේ ගමන් ගත් හය දෙනකු හා ත්‍රිරෝද රථයේ ගමන් ගත් අයෙක් ජීවිතක්ෂයට පත්වුණි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now