මහ බැංකු අධිපතිගේ ධුර කාලය අවිනිශ්චිත වෙයි..? ජනපති-අගමැතිගේ තීරණය අපේක්ෂාවෙන්
මෙරට ආර්ථිකය අර්බුදයකට ලක්ව තිබෙන අවස්ථාවක ජනපතිවරයාගේ ආරාධනයෙන් මහ බැංකු අධිපති ධුරය භාරගත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා ජනපතිවරයා මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය අපේක්ෂාවෙන් සිටින බව වාර්තාවෙයි.
ඒ මහතා අර්බුදය කළමනාකරණය සඳහා ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති ආර්ථික විශේෂඥයන්ගේද ඇගයීමට ලක් වූ අතර ඔහුගේ ධුර කාලය ජුනි 30 වැනිදායින් අවසන් වීමට නියමිතය. මහ බැංකු අධිපතිවරයා පසුගියදා විදෙස් නාලිකාවකට පවසා තිබුණේ තමන් ඉදිරියටත් මෙම ධුරයේ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවය.
මේ වන විට දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සාකච්ඡා පවත්වමින් සිටී.
මේ අතර ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදය තවත් ඩොලර් මිලියන 5.75 ක ප්‍රදානයක් සිදුකිරීමට තීරණය කර ඇති බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය අද නිවේදනය කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |