ලේ වැගිරීමක් ගැන මහා බැංකු අධිපති සිදු කල භයානක අනතුරු ඇඟවීමක්
මීළඟට ඇතිවිය හැකි අරගලය ලේ වැගිරීමකින් අවසන් වනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු හඟවනවා. ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා විශේෂ දේශනයක් සිදු කරමින් පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළා .
තමන් මෙම තනතුර භාරගන්නා විට ඩොලර් සංචිතය අවම මට්ටමක පැවති බවත් එවකට පැවති රජයේ ඇතැම් ක්‍රියාකලාපයන් ඊට හේතු වූ බවත් ඔහු පෙන්වා දෙනවා. කොවිඩ් වසංගතය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහන ලබා ගැනීමට ගිය අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙසට IMF නියෝජිතයින් දැනුම් දුන්නද එවකට පැවති රජය එය ප්‍රතික්ෂේප කළ බැවින් එම මුදල මෙරට නොලැබුණු බව ද නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙනවා .
ඔහු කියා සිටියේ පසුගිය කාලයේ ඇතිවූ අරගලයට ප්‍රධානතම හේතුව වූයේ රාජ්‍ය වශයෙන් යම් යම් දේශපාලන ගැටුම්කාරී තත්වයන් විනා ජීවන වියදම නොවන බවයි.එහෙත් ඉදිරියේදී අධි උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් එහි වැඩිපුර බලපෑම දැනෙනු ඇත්තේ ඉතා අවම ආදායම් මට්ටමක් නියෝජනය කරන ජනතාවට බවත් යම්කිසි හෙයකින් එය අරඹයා අරගලයක් ආරම්භ වුවහොත් එය ලේ වැගිරීමකින් අවසන් වීමට වැඩි ඉඩක් ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
එබැවින් පවතින තත්වය හමුවේ ඔවුන්ව ආරක්ෂා කිරීමට ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කළ යුතු බවයි නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙන්නේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |