මහ බැංකු අධිපති ඉවත්කර ගජ මිතුරෙකු මහ බැංකු අධිපතිකමට - ප්‍රභලයෙකු හෙළි කරයි

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sajith Premadasa Sri Lanka
By Sewvandhi Sep 02, 2022 02:43 PM GMT
Report

මහ බැංකු අධිපතිවරයාව ඉලක්ක කර ගනිමින් ආණ්ඩු පාර්ශවයේ ඇතැම් පිරිස් අසත්‍ය චෝදනා සිදුකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (02) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය. ඔහු පවසන්නේ මහ බැංකු අධිපති තනතුර සඳහා අදාළ පාර්ශවයන්ට පක්ෂපාති පුද්ගලයෙකු පත්කර ගැනීමේ කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. 

 "කථානායකතුමනි ඔබතුමාගේ මැදිහත්වීමෙන් මහ බැංකුවේ අධිපතිතුමාව පාර්ලිමේන්තුවට කැඳවලා රට යා යුතු ඉදිරි ආර්ථික ගමන පිළිබඳව ඉතාමත්ම වැදගත් විශ්ලේෂණයක් කළා. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දුන් ඒ අවස්ථාවේ ඇතැම් මන්ත්‍රීවරුන් මහ බැංකු අධිපතිතුමාට චෝදනා මුඛයෙන් විවිධ චෝදනා ඉදිරිපත් කළා. ඇත්තටම එයා මේ රස්සාව හොයාගෙන ආවේ නෑනේ. රිටයර් වෙච්ච මනුස්සයාව ඔස්ට්‍රේලියාවේ සිට අපි ගෙන්න ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන්න ගත්තා. ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතාත් සුදුසුයි. මෙතුමාත් සුදුසුයි. මේ නිවැරදි තීන්දුවක් ගත්තේ. ඒ වගේම මුදල් අමාත්‍යාංශයට හොඳ ලේකම්වරයෙක් පත්කරලා තියෙනවා. හොඳදේට හොඳයි කියනවා.

නමුත් සභානායකතුමනි , මේක හරිම කැතැයි. ඒකෙන් නතර වුණේ නෑ ඊයේ සභාගර්භයේ මේ ආණ්ඩු පාර්ශවයේම අය මහ බැංකු අධිපතිතුමා තමයි රට බංකොළොත් භාවයට ඒ තනී තීන්දුව ගත්තතේ කියන මතය, එහෙම සෘජුව කිව්වේ නෑ. වක්‍රව හීන් නූලෙන්. දන්නවානේ ඒ කියන අය දිය යටින් ගින්දර ගෙනියන අයනේ. හීන් නූලෙන් මේ මතය නිර්මාණය කරන්න යනවා. කරුණාකරලා කියනවා මෙහෙම ගියොත් නං , රටට හරි යන්නේ නෑ. කැප කිරීම් කරලා රටට ආපු මනුස්සයාව ආපහු යවලා තමන්ගේ ගජ මිතුරෙක්ව ඒ තනතුරට දාගන්න කරන කුමන්ත්‍රණය නේ. ඔන්න ඔය වගේ නාට්‍ය නිසා තමයි සර්වපාක්ෂික ආණ්ඩු ගැන හිතන්නවත් බැරි. කරුණාකරලා මහ බැංකුවේ අධිපතිතුමාව කුමන්ත්‍රණකාරී ලෙස ඉවත් කරන්නට යනවා නම්. එහෙම දෙයක් තියෙනවා නැහැයි කියන්න එපා බොරුවට නැගිටලා."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now