ඉදිරි මාස 04 ගැන මහ බැංකු අධිපති ගෙන් දැනුම් දීමක්..
ආර්ථිකය ස්ථාවර කිරීමට ආර්ථික සංවර්ධන වේගය ධන මට්ටමකට ගෙන ඒම සහ උද්ධමනය පාලනය කිරීම සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතු බවයි.
එමෙන්ම ආනයනය සීමා කර ඛණිජ තෙල්, බෙහෙත් සහ ගෑස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදීගැනීම සිදු කළ යුතුයි.
සියයට 14 ත් 15ත් අතර මට්ටමකට රාජ්‍ය ආදායම වැඩි කළ යුතු වනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවන අපහසුතාව අඩු ආදායම්ලාභී ජනතාවට පමණක් නොව වැඩි ආදායම්ලාභීන් අතරද බෙදා හැරීම කළ යුතු බවයි මහබැංකු අධිපතිවරයා පවසන්නේ.
ආනයනය සීමාකිරීම මගින් ඉකුත් වසරේ බිලියන 2 පමණ වූ වියදම මෙම වසරේ 1 යි දශම 3කට අඩු කරගැනීමට හැකිවී තිබෙනවා.
රාජ්‍ය ආදායම බිලියන 1 යි දශම 2 පමණ වනවා. තවදුරටත් අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය සීමාකිරීම මගින් රාජ්‍ය වියදම පාලනය කිරීමට හැකි නම් එය රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් වැදගත් වන බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වාදී ඇත්තේ.
අවම වශයෙන් මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වත් මෙම අපහසුතාවන් දරාගැනීමට සිදුවනු ඇති බව ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළා.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි දැක්ම යන මැයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සංවාදමය කථිකාවට එක්වෙමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |