මහ බැංකු අධිපති 30 වන දා රට වෙනුවෙන් කරන්න යන දේ මෙන්න..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka Politician Sri Lanka
By Aruna Aug 25, 2022 02:11 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ලබන 30 වැනිදා පස්වරුවේදීයි. එහිදී අතුරු අයවැය සහ රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස සංශෝධිත අයවැය පනත් කෙටුම්පත ලබන 30 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එදින පස්වරු 01 සිට 02 දක්වා ජනාධිපතිවරයා අයවැය කතාව කිරීමෙන් අනතුරුව අගෝස්තු 31 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබෙනවා.

අයවැය විවාදය පැවැත්වෙන්නේ සැප්තැම්බර් පළමු වනදා හා දෙවනදා පෙරවරු 09යි 30 සිට පස්වරු 05යි 30 දක්වා කාලය තුළයි.

මේ අතර දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඊයේ පළමුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා සහ තවත් නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡා පැවැත්වුවා.

ඉන් අනතුරුව එම නියෝජිත කණ්ඩායම හමුවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now