නාමල්ගෙන් තොණ්ඩමන්ට විශේෂ ඇරයුමක්..?
Sri Lanka
politics
Namal Rajapaksha
Jeewan Thondaman
P Saththiwel
By Sewvandhi
ලංකා කම්කරු කොන්ග්‍රසයට යළිත් රජය සමග එක් වි කටයුතු කරන ලෙස හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ලංකා කම්කරු කොංග්‍රස් ආරාධනාවක් ලැබුණු බව කම්කරු කොංග්‍රස් ජාතික සංවිධායක පි.සත්‍තිවේල් මහතා පැවසිය.
රටේ උද්ගත වි තිබෙන ආර්ථික අර්බුධය සහ දේශපාලන අස්ථාවරත්වය මත තම පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
ඒ සමගම අප පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කඝ මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාත් රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් විය.
අප පක්ෂයේ නායකයාට කතා කරලා නාමල් රාජපක්ෂ මහතා දරපු ක්‍රිඩා අමාත්‍යංශය ,ඩිජිටල් තාක්ෂණ අමාත්‍යංශය ජිවන් තොණ්ඩමන් මහතාට ලබදෙන්නත් , ඊට අමතරව වතු යටිකතල පහසුකම් අමාත්‍යංශයත්, පශු සම්පත් අමාත්‍යංශයත් ලබාදෙන්නත් නාමල් රාජපක්ෂ මහතා පොරොන්දු වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |