නාමල් ට ප්‍රබල තනතුරක්..ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..
ඉදිරියේදි නිර්මාණය වීමට නියමිත සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ ඇමැති ධුරයක් නාමල් රාජපක්ෂ මහතාට ලබාදෙන්නේ නම් ඊට විරුද්ධත්වය පළකරන බව ‘බ්ලැක් කැප් මූවමන්ට්’ සංවිධානය සඳහන් කළේය.
රාජපක්ෂ පවුල්වාදයේ අත්තනෝමතිකභාවයට එරෙහිව රටේ පැනනැගුණු ජන අරගලයේ ප්‍රධාන ඉලක්කය වූයේ රාජපක්ෂවාදයෙන් තොර නව පාලනතන්ත්‍රයක් නිර්මාණය කරගැනීම බවත්, අරගලයෙන් ජනතාව බලාපොරොත්තු වූයේ පැරණි පොහොට්ටු ආණ්ඩුවම නැවත සළුපිලි අන්දවා කරළියට ගැනීමට නොවන බවත් එම සංවිධානය පැවසිය.
නාමල් රාජපක්ෂ මහතා පසුගියදා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරීයකු පත් කිරීම සඳහා ද පරිසර අමාත්‍යවරයා වෙත ලිපි දෙකක් මගින් බලපෑම් කර තිබෙනු නිරීක්ෂණය වූ බවද, නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස පත්කිරීමට ද සූදානමක් ඇති බවද කී එම සංවිධානය ජනතා මතය පිළිබඳ කිසිඳු සංවේදීත්වයක් නොමැතිව මෙලෙස කටයුතු කරයි නම් ඔවුන්ගේ දේශපාලන ඉරණම ගැන ඊළඟ මැතිවරණයේදී ජනතාව තීන්දු කරනු ඇතැයි ද පැවසීය.
අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගොඩනගන සර්ව පාක්ෂික ආණ්ඩුව නාමල්ලාගේ දේශපාලන සූදුවක් බවට පත්කිරීමට ඉඩ නොදෙන ලෙස සියලු දේශපාලන කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටින බවත්, නාමල් රාජපක්ෂලාගේ දේශපාලන ගේම් වලින් අවසානයේ පීඩාවට පත්වන්නේ රටේ අහිංසක ජනතාව බවත් එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |