නාමල් රාජපක්ෂ ප්‍රබලයෙක්ට දුන්න ප්‍රතිචාරය..
Namal Rajapaksa
Sri Lanka Politician
By krishani
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින්, තමන්ට කිසිදු රාජ්‍ය ආයතනයකට සේවකයන් හෝ නිලධාරින් පත් කිරීමට බලයක් පවරා නොතිබූ බව ප්‍රකාශ කළේ ය.
ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව පැවසූ අතර අදාළ චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ඔහු පවසයි.
රාජ්‍ය ආයතනවලට නිලධාරින් පත් කිරීම ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවක් මගින් සිදුකළ අතර තමන් දැරූ අමාත්‍යාංශවලට නිලධාරින් පත් කිරීම ද එම කමිටුව මගින් සිදුකළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |