රටම බලා සිටි තීන්දුව - අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ සුළු මොහොතකට පෙර රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග

Namal Rajapaksa Law and Order Latest Headlines Sinhala news Breaking News
By Kaushi Sep 04, 2026 01:52 PM GMT
Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අසංග එස් බෝදරගම මහතා අද (04) දින නියෝග කර ඇත.

ඒ අනුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අමෙරිකානු ඩොලර් ලක්ෂ 08 ක් අල්ලස් ලබාගත් බවට සැකපිට මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. 

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා ප්‍රශ්නගත ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම මඟින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (04) දින පෙරවරුවේ එම කොමිෂන් සභාව වෙත පැමිණ සිටියා.

එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව එහි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.