එකම තැන දෙවරක්ම හැප්පුන බස් රථය - 10 දෙනෙකුට පමණ තුවාල..(VIDEO)

Sri Lanka Accident
By Sewvandhi Apr 20, 2023 05:25 AM GMT
Report

අද (20) අලුයම 3.45ට පමණ කොළඹ - හලාවත මාර්ගයේ වෙන්නප්පුව නයිනමඩම ගිංඔය පාලම අසල දී  සිදුවු අනතුරකින් පුද්ගලයින් 10දෙනෙක් තුවාල ලබා තිබේ.

ලංගම බස් රථය පුල්මුඩේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබිය දී එලෙස අනතුරට ලක්ව තිබෙනවා.

ලංගම බස් රථයක් ලිස්සා ගොස් පාලමේ පැති වැටේ ගැටී අනතුර සිදුව ඇති අතර පැය 2කට පමණ පසුව සිමෙන්ති මිශ්‍රණ ප්‍රවාහන රථයක් ද එම ස්ථානයේ දීම ලිස්සා ගොස් බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now