දොඩන්ගොඩ කිලෝ 250ක විශාල බෝම්බය පුපුරවයි - දැඩි දෝංකාරයක් සමග ගල් වර්ෂාවක්
නාගොඩ බෝඹුවල වී පර්යේෂණායතනය අසල පෞද්ගලික හිමිකරුවකුට අයත් ඉඩමක තිබී(30) දින පස්වරුවේ පස් කපන යන්ත්‍රයකින් භූමිය සකස් කිරීමේ දී හමුව තිබු කිලෝ ග්‍රෑම් 250ක් පමණ බරැති දෙවන ලෝක යුද්ධ සමයේ බවට සැකකෙරෙන ගුවන්යානා නාශක මෝටර් බෝම්බය(1) පස්වරුවේ විශේෂ කාර්ය බලකාය විසින් දොඩන්ගොඩ ප්‍රදේශයේ ගල් වළක් තුළ දී නිෂ්ක්‍රිය කිරීමේදී ප්‍රදේශය පුරා දැඩි දෝංකාරයක් සමග ගල් වර්ෂාවක්සේ විසි ව් කම්පනයක් ඇතිවී නිවාස කිහිපයකට ද අලාභානි වී ඇති බව ප්‍රදේශවාසීන් කියයි.
පසුව එම ස්ථානයට පොලිස් ස්ථාන කීපයක නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා බළකා නිලධාරීන් ද පැමිණ ඒඅවට පරීක්ෂාවට ලක්කර ඇතැයි පොලිසිය කියයි. එම පිපිරීමත් සමඟ දෝංකාරයක් ඇති වී අවට නිවාස නිවාස රැසක් දෙදරුමකට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීන් පැවසීය. මෙහිදී එම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු සඳහන් කළේ මෙවැන්නක් සිදු කළ යුත්තේ ජනාවාසයක් තුළ නොව ජන ශුන්‍ය ප්‍රදේශයක බවත් ආරක්ෂක අංශ මෙවැනි බොහෝ නිෂ්ක්‍රිය කිරීම සිදු කරන්නේ කල්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් බවයි.
මේ සම්බන්ධයෙන් ඒ අවටප්‍රදේශවාසීන්ට සිදුවී ඇති අලහාභානි පිළිබඳ සොයා බැලීමට ආරක්ෂක අංශ නිලධාරීන් කණ්ඩායමක් යොදවන බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළහ. මෙම පිපිරීමට භාවිතා කළ ගල් කොරිය විශාල වලක් හෑරීමකට ලක්ව තිබේ. මෙම පිපිරීම සම්බන්ධයෙන් දකුණු කළුතර සහ දොඩන්ගොඩ පොලිස් ස්ථාන විශේෂ කාර බලකාය පරීක්ෂණ සිදු කරයි.( තුසිත කුමාර ද සිල්වා- උපුටා ගැනීමක් )
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |