තිදරු මවකගේ අභිරහස් මරණය.
Sri Lanka Police
Crime
Murder
Mysterious Death
By Wayomi
කැපුම් තුවාල සහිතව මොරගල්ල කාලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි සිටී තිදරු මවක් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, එස්. ශිරානි ලක්ෂිකා කුමාරි නමැති 47 හැවිරිදි කාන්තාවක්.
ඇයගේ මුහුනේ කැපුම් තුවාල සහිතව නිවසේ වැටී සිට ඇති අතර , ඇය බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් , ඒ වනවිටත් මියගොස් සිට ඇති බවයි වාර්තා වුණේ.
අලුත්ගම පොලිසිය සිදුකළ විමර්ශනවලට අනුව මේ වනවිට එම නිවසේ පදිංචිකරුවන් වෙතින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත්, සිද්ධිය වනවිට ස්වාමියා පුතකු සහ දියණියක එම නිවසේ සිට ඇති බවට තහවුරු වී ඇති බවත්,ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ මව තුවාල සහිතව නිවසේ ඉදිරිපස ප්‍රධාන දොරටුව අසල වැටී සිටියදී රෝහල් ගත කළ බවයි.