පරිස්සමෙන් - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi Apr 17, 2023 08:04 AM GMT
Report

අද (17) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික් කිහිපයකත් එම තත්ත්වය පවතින බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා,

"මේ කියන ඇඟට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවට අපේක්ෂා කරනවා. ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට එළිමහනේ කටයුතු කිරීමේ දී අධික වෙහෙසකර කටයුතුවලින් වැළකී ඉන්නවා නම් හොඳයි. ඒ වගේම ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ වගේම අද දිනයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් දකුණු සහ ඌව පළාත්වලත් වයඹ සහ උතුරු මැද පළාත්වලත් සවස් කාලයේ දී රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන අතර සෙසු පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් ඇතිවෙයි."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now