සංගීත ප්‍රසංගයකදී තරුණයෙක් අවාසනාවන්ත ලෙස මියයයි..

Police spokesman Death Murder
By Aruna May 05, 2024 03:11 AM GMT
Report

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පලතුරු කපන පිහියකින් පහරදී එක් තරුණයකු ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, පානදුර පරත්ත පාරේ පදිංචිව සිටී රවිදු හේෂාන් ප්‍රනාන්දු නැමැති අවුරුදු 17 ක තරුණයෙක් බවයි පැවසෙන්නේ.

පහරදීම සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් පිහියද පොලිස් භාරයට ගෙන ඇති බව‍ පානදුර උතුර පොලිසිය පවසනවා.

සිදුවීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.