සංගීත සංදර්ශන බලන්න යන්න පුලුවන් මේ අයට පමණයි..අලුත් ඇප් එකකුත් එයි.

Sri Lanka Prasanna ranathunga Covid vaccines Keheliya rabukwella Musical show Covid vaccines App
By Aruna Jan 25, 2022 02:35 AM GMT
Report

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වාදීමට රජය සැරසෙයි.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවා.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරත් ප්‍රකාශ කර සිටියේ, මෙම ජංගම දුරකතන යෙදවුම සකස්කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර මේ වනවිට ගෙන ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා.

"ෆුලි වැක්සින් කියලා මීට පස්සේ නිර්වචනය කරන්නේ වැක්සින් 3ම ගත්ත අයට.

ඒ අය ප්‍රසිද්ධ ස්ථානවලට යෑමෙන් වැළකීමේ හැකියාවක් අපට තියෙනවා.

ඒ වෙනුවෙන් ඇප් එකකුත්, QR කොඩ් එකකුත් හදන්න දැනට අපි තාක්ෂණික අමාත්‍යාංශයේ කණ්ඩායමකට භාර දීලා තියෙනවා.

ඒක ලැබුණු වහාම අපි ඒ නීතිය, එහෙම නැත්නම් ගැසට් එකක් ගහලා, නැත්නම් පාර්ලිමේන්තුවේ හරි ගෙනැල්ලා කටයුතු කරන්න හැකි ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා.

" එහිදී අදහස් දැක්වු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, "ගම්පහ තියෙන කොවිඩ් කමිටු රැස්වීමේදී අපි තීරණය කළා සංගීත සංදර්ශනවලට අවසර දෙනවා නම් පොලීසියෙන් අනුමැතිය දෙන්නේ මාත්‍රා 3ම ගහලා එනවා නම් විතරයි කියලා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now