ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් රෝහලේදී මරාදමයි..

Attempted Murder Sri Lanka Accident
By Aruna Apr 28, 2023 08:16 AM GMT
Report

තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මන්නාරම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ඝාතනයට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.

පෞද්ගලික ආරවුල් හේතුවෙන් පහරකෑමට ලක්ව ඔහු රෝහල් ගතව සිටි දී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඊයෙ පස්වරුවේ නාදුනන පුද්ගලයන් කිහිප දෙනකුගේ පහර දීමකින් ප්‍රතිකාර සඳහා මෙම පුද්ගලයා රෝහලට ඇතුළත් කර තිබූ බවයි වාර්තා වන්නේ.

අද උදෑසන එම රෝහලේ වාට්ටුවට ඇතුළු වුන පුද්ගලයෙකු විසින් මෙම තරුණයාට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now