බෑනා ගේ උදලු පහරින් මාමණ්ඩිය මියයයි..

Police spokesman Sri Lanka Police Death Murder
By Aruna May 07, 2024 03:25 AM GMT
Report

ආරවුලක් දුරදිග යාමෙන් ප්‍රකෝප වූ බැනා විසින් උදැල්ලකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර ඇති බවත් , ඊයේ (06) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බවටයි පොලීසිය පවසන්නේ.

එලෙස මියගොස් ඇත්තේ, කල්නාට්කුලම්, සිදම්බරම්පුරම් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ලයෙක් වන අතර මරණකරු බිරිඳගෙන් වෙන්වී තනිවම ජීවත් වී ඇති අතර මරණකරු හා බෑනනුවන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ප්‍රකෝප වූ බෑණා විසින් මරණකරුට උදැල්ලකින් හා ඔහුගේ මිතුරා ආරක්ෂක හිස්වැසුමකින්ද පහරදී ඝාතනය සිදුකර ඇති බවයි.

පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමකින් පසු මියගොස් ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 22 සහ24 යන වයස්වල පසු වන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදම්බරම්පුරම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.