ද්විත්ව ඝාතක වරදකරු හිටපු මන්ත්‍රී හසිත සමන් හෙවත් " සර්පයා" නිදොස්කොට නිදහස් කෙරේ..!

Sri Lanka Police Sri Lanka Politician Sri Lanka Supreme Court of Sri Lanka
By Sewvandhi Jun 20, 2022 08:33 AM GMT
Report

1999 වසරේ ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වූ සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හසිත සමන්ත මුහන්දිරම් හෙවත් සර්පයා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (20) නියෝග කළා.

1999 වසරේ කලවාන ප්‍රදේශයේදී අභාවප්‍රාප්ත සබරගමුව පළාත් සභා මන්ත්‍රී රංජිත් නන්දසේන සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු දේශපාලනඥයාට චෝදනා එල්ල වී තිබුණා.

හසිත සමන්ත මුහන්දිරම් හෙවත් සර්පයා නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ශ්‍රී ලංකා පොලිසිය නොසැලකිලිමත් ලෙස පරීක්ෂණ සිදු කර ඇති බවත්, අධිකරණ වෛද්‍ය සාක්ෂි ඇතුළු සාක්ෂිවල විශ්වසනීයත්වයක් නොමැති බවත් විනිසුරුවරයා සඳහන් කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now