අවුරුදු 20 ට අඩු ළමයින්ට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න..
විවිධ විට වර්ග භාවිත කරන අවුරුදු 20 ට අඩු ළමයින් අතර පූර්ව පිළිකා ලක්ෂණ මතුවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය උදය උස්ගොඩආරච්චි මහතා පවසනවා.
අදට යෙදී ඇති ලෝක හිස හා ගෙළ ආශ්‍රිත පිළිකා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ඊයේ (26) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව පවසා සිටියේ.
ඒ අනුව, මුඛ්‍ය තුළ දීර්ඝ කාලිනව තුවාල ඇත්නම් එම තුවාල පිළිකා බවට පත්විමේ අවදානමක් ඇති බවයි ඔහු පවසා සිටියේ.
මුඛ පිළිකා සෑදීම වැඩිවශයෙන් සිදු වන්නේ බුලත් විට කෑමෙන් බවයි අනාවරණය වී ඇත්තේ.
ජනතාවගෙන් සියයට හතලිස් නවයක් බුලත් සමග දුම්කොළ කෑම සිදුකරන බවත් එම තත්ත්වය වලක්වා ගත යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටියා .
සතියකට එක් වතාවක් හෝ මුඛ්‍ය පරික්ෂා කිරිම වැදගත් බවයි ඔහු අවධාරණය කර සිටියේ.
එසේම විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පාසැල් සිසුන් පැකට් කරන ලද විට කෑමට පෙළඹි ඇති බවත් දෙමාපියන් මේ පිළිබදව දැනුවත් වි ඔවුන් ඉන් මුදා ගැනිමට කටයුතු කළ යුතු බවයි.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් ගොදුරු වන්නේ මුඛ පිළිකා සඳහායි.