වාහන ආනයනය ගැන රටටම සුතුටුදායක ආරංචියක්..මුලින්ම ගෙන්නන්න යන වාහන මෙන්න..

Electric Vehicle Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna Jan 04, 2024 12:41 AM GMT
Report

මෝටර් රථ නැවතත් ආනයනය කිරීම සඳහා සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එම සංගමය කියා සිටින්නේ, ඊට අවශ්‍ය කටයුතු ඉදිරි මාසයක කාලයක් තුළ ලබා සිදු වනු ඇති බවයි.

වාහන ආනයනය ගැන රටටම සුතුටුදායක ආරංචියක්..මුලින්ම ගෙන්නන්න යන වාහන මෙන්න.. | Motor Car Impote To Sri Lanka

ආදායම් බදු ඉහළ නංවාගැනීමද මෙහි එක් ප්‍රධාන අරමුණක් බවයි සංගමය පවසන්නේ.

එන්ජින් ධාරිතාව අඩු මෝටර් රථ පමණක් ආනයනය කරන්නේ විදේශ සංචිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට බවද සංගමය වැඩිදුරටත් පවසයි.

මේ අතර, ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබෙනවා.

මීට පෙර එය පැවතුණේ ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක් වශයෙන්.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ, අදාළ තීරණය ජනවාරි මස 02 වනදා සිට එළඹෙන 21 වනදා ක්‍රියාත්මක වන බවයි.

                                                                   Sponsored By Sarrita Jewellery