ලොව වේගවත්ම පුද්ගලයා අමරිකාවෙන්. ඉතිහාසය වෙනස්කළ අවසන් තරගය..

By Sithumini Aug 05, 2024 06:38 PM GMT
Report

ලොව වේගවත්ම මිනිසා බවට පත්වෙමින් මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත් වුණා.

නෝවා ලයිල්ස් පිරිමි මීටර 100 ඉසව්ව තරගය අවසන් කිරීම සඳහා තත්පර 9.784ක කාලයක් වාර්තා කළා.

එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලයද වනවා. මෙහි රිදී පදක්කම දිනාගත් ජැමෙයිකාවේ කිෂාන් තොම්සන්ද තත්පර 9.789ක කාලයක් වාර්තා කළ අතර, ඔහු හා ලයිල්ස් අතර වෙනස දැක්වූයේ තත්පර 0.005ක් ලෙසින්.

ඒ අනුව තරගයෙන් අනතුරුව ක්‍රීඩා විචාරකයන් පවසා සිටියේ, තරගය මීටර් 99කින් අවසන් වූවානම්, කිෂාන් තොම්සන් රන් පදක්කමේ හිමිකරුවා වනු ඇති බවයි. මෙහි ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේද අමෙරිකානු ක්‍රීඩකයෙකු වන ෆ්රෙඩ් කර්ලි විසින්. ඔහුද සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් තත්. 9.81ක දක්ෂතාවක් දැක්වීමට සමත් වුණා.