ඔයාටත් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනි නම් ඒත් කොහොමද කියලා හිතාගන්න බැරිනම් අනිවාර්යයෙන්ම බලන්න.
උදෑසනින්ම අවදි වෙන්න.
උදෑසනින්ම අවදි වෙන කුරුල්ලෝ තමයි වැඩියෙන් පණුවෝ අල්ලගන්නේ කියලා ඔයාලත් කතාවක් අහලා ඇතිනේ. ඉතිම් ඒ නිසාම උදෑසනින්ම අවදි වෙලා සෑම විටම ඔයාගේ වැඩ කටයුතු සැලසුම් කරන්න.
ඔයා සැලසුම් කළ වැඩ නිසි පරිදි කරගන්න ඔයාට උදෑසනින් අවදිවීම වැදගත් වෙනවා. ඔයා උදෑසම 5ට අවදි වෙන්න පුලුවන් නම් එය ඔබට හොද ආරම්භයක් ලබා දේවි ඔයාගේ ජීවිතේ ඉදිරි ගමනට.
ව්‍යායාම , සැලසුම් කිරීම , ඵලදායි වීම ව්‍යා, පාර මත වැඩ කිරීම ඉහත ක්‍රියාකාරකම් මත ඔබ ඔබේ ජීවිතේ ඉදිරියට රැගෙන යනවනම් ඔබට තව හොදින් ජීවත් වීමේ හැකියාව පවතිනවා.
නින්දට පෙර සිතුවිලි ලිවීම
මෙය ඔබේ මීළග දිනය යහපත් කර ගැනීමටත් ජීවිතේට අලුත් හොද ආරම්භයක් ඇති කර ගැනීමටත් වාදගත් වෙනවා. ඔබ ලිවිය යුත්තේ මොනවාද..?
හෙට ඉලක්ක
ධනාත්මක සිතුවිලි
ඔබේ සැලසුම්
දිනකට පැයක් පමණ නව කුසලතා අධ්‍යනයට යොමු කරන්න.
ඔබ ඉගෙන ගන්න දේවල් ඔබේ ව්‍යාපාර ඔබේ රැකියාව ඉහළට ගෙන යන්න වැදගත් වෙනවා.
Web development
Social media
Digital Marketing
Communication skills වගේ දේවල් ඉගෙන ගැනීමෙන් ඔබට ඔබේ ජීවිතය ඉහළට නංවා ගැනීමට හැකියාව පවතිනවා.
දිනපතා පැයක් ව්‍යායාම කරන්න.
ව්‍යායාම කියන්නේ ඔබේ ශරීරය වගේම ඔබේ මනසත් යහපත් කරගැනීමට වැදගත් වෙනවා. ඔබේ ජීවිතෙව් සුවිශේෂි වෙනස් කමක් විදියට ඔබට පැයක් ව්‍යායම කළ හැකිනම් එය ඉතාම වැදගත් වෙනවා.
තනිව ව්‍යායාම කළ නොහැකිනම් ඔබට ව්‍යායාම මධ්‍යස්ථානයකට ගොස් ව්‍යායාම කිරීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව දිවීම ඇවිදීම පිහිනීම වැනි දේ කිරීමද වැදගත් වෙනවා.
දිනකට විනාඩි 10 ක් නිශ්ශබ්දව වාඩි වී සිටින්න. ඉන් ඔබට ඔබේ ශරීරයට සුවිශේෂි වෙනස්කමක් ලබා ගැනිමෙව් හැකියාව තිබෙනවා. එමගින් ඔබට විවේකයක් මනස සුවපත් වීම ආතතිය අඩු කරගැනීම වැනි වාසි අත් වෙනවා.
හොද නින්දක් ලබා ගැනීම
නින්ද කියන්නේ ඔයාට අත්‍යවශ්‍ය සාදකයක්. හොද නින්දක් ලබා ගෙන ආරම්භ කරන නව දිනයක් ඔස්සේ ඔබට ඔබේ ජීවිතේ හොදම දේවල් හොද ශක්තියකින් යුතුව කර ගැනීමේ හැකියාව පවතිනවා.
එලෙස හොද නින්දක් ලබා ගැනීමටන්ම්, නින්දට පෙර phone / Tv වලින් ඉවත්වීම නින්දට පැය දෙකකට පෙර ආහාර ගැනීමෙන් වළකින්න කාමරය සිසිල්ව තබා ගන්න
දිනකට පොතක පිටු 10ක් වත් කියවන්න.
පොත් කියවීම කියලා කියන්නේ ඔයාගේ ජිවිතේට නව ආකල්ප වගේම විවිධ සමාජ ගැන දැනුම් ලබාගැනීමේ හැකියාව තිබෙන දෙයක්. කියවීම ඔබේ මනස ශක්තිමත් කරනවා.
ඒ වගේම පොත් කියවීමේදි
ඔබේ අවදානය වැඩි කිරීමට
ඔබේ දැනුම් වැඩි කිරීමට
ඔබේ විශ්වාසය වැඩි කිරීමට සමත් වෙනවා.