අනෙ අම්මෝ.. කලිසම අස්සේ පණ ඇති සර්පයෝ 100ක් ඉඳලා.. අවසානයේ වුණ දෙය ඔහුටත් හිතාගන්න බැරි වෙලා..(PHOTOS)

China Snake Latest Headlines Decision Making
By krishani Jul 14, 2024 10:08 AM GMT
krishani

krishani

in චීනය
Report

සර්පයින් 100කට වැඩි සංඛ්‍යාවක් සිය කලිසමේ සඟවාගෙන සිටි පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු චීනයෙන් වාර්තා වේ.

අනෙ අම්මෝ.. කලිසම අස්සේ පණ ඇති සර්පයෝ 100ක් ඉඳලා.. අවසානයේ වුණ දෙය ඔහුටත් හිතාගන්න බැරි වෙලා..(PHOTOS) | More Than 100 Snakes Hidden In His Pants China

ඔහු එම සතුන් රැගෙන චීනයේ ප්‍රධාන නගරයකට රැගෙන යාමට උත්සහ කර තිබෙනවා.

එහිදී එරට රේගු භාරයට ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

නයි නටවන්නෙක් හොඳටම නයි නටවන්න ගිහින්.. අවසානයේ නතර වුණ තැන..

නයි නටවන්නෙක් හොඳටම නයි නටවන්න ගිහින්.. අවසානයේ නතර වුණ තැන..


දකුණු චීන නගරයක් වන ෂෙන්සෙන්හි රේගු නිලධාරීන් විසින් හොංකොං සහ චීනයේ ප්‍රධාන භූමිය අතර මුරපොළක් වන ෆුටියන් වරාය හරහා ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔහුගේ කලිසමේ සාක්කුවල තිබී ටේප්වලින් ඔතා තිබු කැන්වස් බෑග් 6ක් එම නිලධාරීන් සොයාගෙන ඇත.

රේගු නිලධාරීන් බෑග් විවෘත කිරීමේ දී එහි තිබුණු සෑම බෑගයකම විවිධ හැඩයන් සහ වර්ණවලින් යුත් සර්පයින් ගණනාවක් ඇති බව සොයාගෙන ඇත.

අනෙ අම්මෝ.. කලිසම අස්සේ පණ ඇති සර්පයෝ 100ක් ඉඳලා.. අවසානයේ වුණ දෙය ඔහුටත් හිතාගන්න බැරි වෙලා..(PHOTOS) | More Than 100 Snakes Hidden In His Pants China

ඒ අනුව සර්ප විශේෂ 5ක් එහිදී හඳුනාගෙන අතර කිසිම සර්ප විශේෂයක් විෂ සහිත නොවන බව වාර්තා වේ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ රෙගුලාසි කඩ කළහොත් රේගු නීතියට අනුව ක්‍රියා කරනු ඇති බවට රේගු ඒජන්සිය අනතුරු අඟවා තිබෙන බවයි.