මන්කිපොක්ස් ගැන සෞඛ්‍ය අංශ වෙතින් ජනතාවට විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Ministry of Health Sri Lanka Monkeypox
By krishani Jun 09, 2023 03:42 AM GMT
Report

සමාජය තුළ අනියත බියක් මංකිපොක්ස් රෝගය පිළිබඳව ඇතිකර නොගතයුතු බව වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ ය. 

ඒ පසුගියදා තවත් මංකිපොක්ස් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග ය. 

ඒ සමග මෙරටින් හදුනාගත් මන්කිෆොක්ස් රෝගීන් සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගියේ ය.

මේ අතර, මංකිපොක්ස් රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීම ඉතා අවම මට්ටමක පවතියි.

එබැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකරගත යුතු බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join