දැනට භාවිතයේ පවතින උප්පැන්නයක් වෙනස් කිරීම ඔබට අවශ්‍ය නම් මෙන්න...

By Subodha Jun 02, 2022 04:33 AM GMT
Subodha

Subodha

in රචනා
Report

දැනට භාවිතයේ පවතින උප්පැන්නයක් වෙනස් කිරීම ඔබට අවශ්‍ය නම් මෙන්න ඒ් සදහා ඔබ අනුගමනය කල යුතු පියවර මුල සිට 

උප්පැන්නයක් වෙනස් කිරීමට සුදුසුකම්

  • ශ්‍රී ලංකාවේ උපත ලැබූ අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සිටින පුද්ගලයකුගේ උප්පැන්න සහතිකයේ වෙනස්කම් සිදු කිරීමට අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් බලය පැවරේ.


සටහන-

  • ඔබ අවුරුදු 21 ට වඩා වැඩි නම් ඒ සඳහා ඔබට ඉල්ලූම් කළ හැක.
  • ඔබ අවුරුදු 21 වඩා අඩු නම් භාරකරු විසින් ඉල්ලූම් කළ හැක.


උදාහරණයක් වශයෙන් පහත දක්වා ඇති පරිදි වෙනස් කිරිම් සිදු කළ හැක.

  • උප්පැන්න සහතිකයක වැරදි ඇතොත් නිවැරදි කිරීම.
  • පියාගේ නම උප්පැන්නයට ඇතුළත් කිරීම උපත ලියාපදිංචි කිරීමෙන් පසු දෙමව්පියන් විවාහ වූයේ නම් ඒ බව උප්පැන්න සහතිකයට ඇතුල් කිරීම
  • තනි තනිව ඔහු / ඇය / තමාගේ නම වෙනස් කිරීමට අවශ්‍ය නම් දේශීය ප්‍රවෘත්ති පත්‍රයක දැන්වීමක් මාර්ගයෙන්
  • කලින් භාවිතා කළ නම් දැනට භාවිතා කිරීමට බලාපොරොත්තු වන නම සහ වෙනස් කරන ලද උප්පැන්න සහතිකය සහ උපකාරක ලිපි මගින් ඔප්පු කළ හැකිය.

ඉදිරිපත් කල යුතු ලේබන

අයදුම්කරු අවුරුදු 18 ට අඩු අයෙක් නම්

  • ලිපියක් මගින්
  • දෙමව්පියන්ගේ විවාහ සහතික පිටපතක්
  • දැනට භාවිතා කරන උප්පැන්න සහතිකයේ පිටපතක්
  • මවගේ / පියාගේ උප්පැන්න සහතික
  • දෙමව්පියන්ගේ විවාහ සහතික
  • ග්‍රාම නිලධාරී මහතා විසින් සහතික කරන ලද ලිපියක්
  • අයදුම්කරු පාසල් යන්නේ නම් පාසලෙන් සහතික කළ ලිපියක්
  • මව / පියා / හෝ භාර කරුගෙන් ලිපියක්

අයදුම්කරු අවුරුදු 18 ට වැඩි අයෙක් නම් පහත දක්වා ඇති පරිදි ලේබන ඉදිරිපත් කළ යුතුය.

  • ප්‍රවෘත්ති පත්‍රයේ දැන්වීම
  • ග්‍රාම නිලදාරී සහතික කළ ලිපියක්
  • සහෝදර සහෝදරියන්ගේ උප්පැන්න සහතික පිටපත් සමඟ (එවා ඇත්නම්)
  • දරුවන් විවාහ වී ඇත්නම් විවාහ සහතික, උප්පැන්න සහතික අවශ්‍ය වේ (විවාහ වී ඇත්නම්)
  • ඡන්ද නාම ලේබනය
  • හැඳුනුම්පත
  • බැංකු ලියකියවිලි
  • රැකියාවේ සහතික
  • නම වෙනස් කිරීම සඳහා ගෙවීම් කර ඇත්නම් එම බිල්පත්
  • ඔප්පු කළ හැකි වෙනත් ලිපි ලේබන 


අයදුම්පත අතින් ගෙන ගොස් භාර දීම අවශ්‍යය.

අයදුම්කරු තමන් විසින් රෙජ්ස්ට්‍රාර් කාර්යයාලයට ගෙන ගොස් භාර දීම හෝ රෙජ්ස්ට්‍රාර් කාර්යයාලයට තැපැල් කළ හැක

සටහන:-

අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය.

වෙනස් කරන ලද උප්පැන්න සහතිකය අයදුම්කරු වෙත තැපෑලෙන් එවනු ලැබේ.

අයදුම්පත් භාර ගන්නා වේලාව

උදේ 9.00 සිට දවස් 12.30 දක්වා

සවස 1.00 සිට සවස 5.00 දක්වා 

පියවරෙන් පියවර පිළිවෙළ (භාවිතයේ පවතින උප්පැන්න සහතිකයේ වෙනස් කිරීම)

පියවර 1 : අයදුම්කරු වලංගු අයදුම් පතක් විමසීම් කවුන්ටරයෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගත හැක.

පියවර 2 : අයදුම්කරු අයදුම්පත් පුරවා සම්පූර්ණ කිරීම

පියවර 3 : අයදුම්කරු උපකාරක ලිපි ලේබණ සූදානම් කිරීම සටහන : අයදුම්කරු වෙනස් කරන ලද සහ අවශ්‍ය තොරතුරු දන්වා උපකාරක ලිපි සමඟ ඉදිරිපත් කිරීම

පියවර 4 : සමිපුර්ණ කරන ලද අයදුම්පත තැපැල් මගින් ප්‍රාදේශීය ලේකම් කාර්ය්යමලයට හෝ තමා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්ය්යනලයේ රෙජ්ස්ට්‍රාර් වෙත භාර දීම.

සටහන : අයදුම්පත තැපැල් මාර්ගෙන් හෝ ගෙනැවිත් භාර දීමේදී මුද්දර ඇති කවරයක් ඒ සමග භාර දිය යතුය.

පියවර 5 : ප්‍රාදේශීය ලේකම් කාර්යයාලට ලැබුණු අයදුම්පත සහ උපකාරක ලිපිවල වලංගු භාවය පරීක්ෂා කිරීම.

පියවර 6 : අයදුම්කරුට අලූත් උප්පැන්න සහතිකය තැපැල් මගින් එවනු ලැබේ. 

සහටන :

අයදුම්පත ප්‍රතික්ෂේප උවහොත් එය එසේ වීමට හේතු කාරණා රෙජ්ස්ට්‍රාර් මහතා විසින් අයදුම් පතක් සමඟ තැපැල් මගින් එවනු ලබයි.

ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
join now