මොඩර්නා, ෆයිසර් සමාගමට එරෙහිව නඩු පවරයි

COVID-19 Vaccine Sri Lanka United States of America
By Sewvandhi Aug 27, 2022 03:23 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

කොව්ඩි මර්දන එන්නත් නිෂ්පාදන සමාගම් වන මොඩර්නා සමාගම, ෆයිසර් සමාගමට එරෙහිව නඩු පවරා තිබේ. ඒ එන්නත් නිපදවීමේ තාක්ෂණයේ බුද්ධිමය අයිතිය සම්බන්ධයෙනි. මොඩර්නා සමාගම සදහන් කරන්නේ තම බුද්ධිමය හිමිකම් ෆයිසර් සමාගම අයුතු ලෙස භාවිත කර ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරන ෆයිසර් සමාගම සිද්ධිය සම්බන්ධයෙන් තමන් මවිතයට පත්වන අතර අදාළ නීතිමය කටයුතු සදහා මුහුණ දීමට සූදානම් බව සදහන් කර ඇත. මොඩර්නා සමාගම චෝදනා කරන්නේ ෆයිසර් සමාගම සහ එහි ජර්මන් හවුල්කාර සමාගම වන BioNTech විසින් තමාට අයත් mRNA තාක්ෂණය පිටපත් කරමින් කොවිඩ් එන්නත නිර්මාණය කිරීමේදී සිය පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවය.

මේ හේතුවෙන් මොඩර්නා සමාගම ඇමෙරිකාවේ හා ජර්මනියේ නඩු පවරා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.


        සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now