හෙට සිට ක්රියාත්මක වන පරිදි සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළට - මිල ගණන් වැඩි වන්නේ මෙහෙමයි
iPhone
Smart Phones
Businessman
By Sewvandhi
ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසන්නේ, හෙට (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි.
අද(31) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා මේ බව පැවසීය.
හෙට සිට ජංගම දුරකථනයක මිල සියයට 35කට ආසන්න ප්රමාණයකින් ඉහළ යනු ඇති බවයි, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමිති සෙනරත් මහතා පැවසුවේ.
හෙට සිට ක්රියාත්මක වන පරිදි වැට් බද්ද සියයට 18කින් ඉහළදැමීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඒ මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ, මෙම මිල ඉහළ යාමේ තත්ත්වයත් සමග ජංගම දුරකථන වෙළෙඳපොළේ සියයට 50ක පමණ පසුබෑමක් සිදුවනු ඇති බවට අපේක්ෂා කරන බවය.
ඒ අනුව හෙට සිට රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකථනයක් රුපියල් 135,000ක පමණ මිලකට අලෙවි වනු ඇත.