සිව් දිනක් තිස්සේ අතුරුදහන්ව සිටි තරුණයකුගේ මළ සිරුර පාලමක් යට..

Sri Lanka Police Nuwara Eliya Sri Lanka Police Investigation Crime
By Sewvandhi Feb 29, 2024 04:42 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

තලවකැලේ පොලිසිය පැවසුවේ, සිව් දිනක් තිස්සේ අතුරුදහන්ව සිටි තරුණයකුගේ මළ සිරුර ඉහල කොත්මලේ ජලාශයේ තලවකැලේ පුඩලුඔය මාර්ගයේ පාලම යට තිබි (29) දින සොයා ගත් බවයි.

ඉහල කොත්මලේ ජලාශයේ තිබි මෙසේ සොයා ගනු ලැබුවේ තලවකැලේ හොලිරුඩි ප්‍රදේශයේ පදිංචි කසුන් ලක්මාල් නැමැති 25 හැවිරිදි අයගේ සිරුරයි.

මියගිය තරුණයාගේ පියා වන පි.එස් චන්ද්‍රසේන පැවසුවේ, මිට දින කිහිපයකට ප්‍රතම ඉහල කොත්මලේ ජලාශයට ජලය ගලා බසින කොත්මලා ඔයේ නාගසේන ප්‍රදේශයේ දිය නැමට ගිය තලවකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත්වු අතර එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වන බව පවසා ගිය තම පුතා ආපසු නිවසට නොපැමිණි නිසා බිරිද විසින් තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් කල බවයි.

තලවකැලේ පොලිසිය පැවසුවේ, ගොඩ ගත් සිරුර පස්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රොහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත යෙමු කරන බවයි.