රියදුරුට ඇතිවූ හෘදයාබාධය නිසා සිදුවූ බස් අනතුර - (CCTV VIDEO)

Sri Lanka Accident
By Sewvandhi Feb 13, 2023 08:10 AM GMT
Report

අද (13) උදැසන මින්නේරිය නගරයේ සිට හිඟුරක්ගොඩ දක්වා මින්නේරිය බස්නැවතුම් පොළෙන් පිටත් වු බස්රථයක් නොසිතූ ලෙස අනතුරකට ලක්ව තිබුණි.ඒ බස්රථයේ රියදුරුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙනි.

මාර්ගයේ ගමන්ගත් බස්රථය එක්වරම මාර්ගයෙන් ඉවතට පැන වෙළෙඳසැලකට කඩා වදින අයුරු එහි සවිකර තිබු CCTV කැමරාවක සටහන්ව තිබුණි. අනතුරින් පසුව වහාම රියදුරු රෝහල්ගත කර තිබෙන අතර ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇතැයි අනාවරණය වුණි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 75 හැවිරිදි එන්.කේ. ආරියරත්න නැමති පුද්ගලයෙකි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now