සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක්..

Sri Lanka Ministry of healthy Asela gunawardahe
By Aruna Jan 01, 2022 02:45 AM GMT
Report

උදා වූ 2022 නව වසරේදී රට විවෘතව තබා ගනිමින් සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා සියලු පුරවැසියන් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කලේ, මෙරටින් හඳුනාගත් නව ඔමික්‍රොන් ආසාදිතයින් හතළිස් එක්දෙනෙකුගේ ආශ්‍රිතයන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

මෙරටින් තවත් ඔමික්‍රොන් ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඊයේ දිනයේ ප්‍රකාශ කලා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කලේ, ඉන් 7 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණි විදේශිකයන් බවයි.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාව 49 ක්. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ, විනෝදාස්වාදයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කළ යුතු බවයි.

තවත් කොරෝනා ආසාදිතයන් 499 ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 587,245ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,979ක් දක්වා ඉහළ ගියේ මෙරටින් ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 17 ත් සමගයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now