ලබන සඳුදා ඇමතිවරු 35ක් කරන්න යන දේ මෙන්න..
Ranil Wickremesinghe
Sri Lanka Politician
Sri Lanka
Sri Lankan political crisis
By Aruna
රාජ්‍ය ඇමැතිවරුන් තිස්පස් දෙනකු ලබන සඳුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වූ පසු රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දෙන බව ජනාධිපතිවරයා හිටපු රාජ්‍ය ඇමැතිවරුන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි.
රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කර වෙනම වැය ශීර්ෂයක් වෙන් කරමින් පත්වීම් ලබාදිය යුතු බව හිටපු රාජ්‍ය ඇමැතිවරු එහිදී අවධාරණය කර තිබුණා.
රාජ්‍ය ඇමැති ධුර කඩිනමින් ලබා නොදුනහොත් අයවැයේදී සහයෝගය ලබා නොදෙන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය ඇමැතිවරු දැනුම් දී තිබේ.
හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව තිස් හතරකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |