විදෙස් කටයුතු ඇමති හදිසියේම හමුවූ පිරිස

Ali Sabry Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Aug 26, 2022 02:37 PM GMT
Report

මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින යුනිසෙෆ් හි දකුණු ආසියාව සඳහා වන කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා- ඇඩ්ජේ මහතා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හමුවී තිබෙනවා. යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ඇගයුමට ලක් වූ බවයි එම අමාත්‍යංශය කියාසිටියේ. මුල් ළමාවිය සංවර්ධනය, සෞඛ්‍ය සහ පෝෂණය, ප්‍රතිශක්තිකරණය, පවිත්‍ර ජලය සහ සනීපාරක්‍ෂක කටයුතු, අධ්‍යාපනය සහ කුසලතා ගොඩනැගීම, සමාජ සුබසාධන ප්‍රතිපත්ති සහ කොවිඩ්-19 ආශ්‍රිත කටයුතු හා සබැඳි ව්‍යාපෘති කෙරෙහි විශේෂ අවධානයක් මෙහිදී යොමු කෙරුණා.

යුනිසෙෆ් හරහා මෙරට ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳව සඳහන් කළ කලාපීය අධ්‍යක්ෂවරයා, විශේෂයෙන්ම වත්මන් අභියෝග හමුවේ ශ්‍රී ලංකාවට සහය වීමට ගෙන ඇති ප්‍රයත්න පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.

2023 වසරේ සිට මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත යුනිසෙෆ් හි නව වැඩසටහන අමාත්‍යවරයාගේ ඇගයුමට ලක් වූ අතර නිදහස් සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය මෙන්ම අනෙකුත් සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග ලබාදීමේ ප්‍රයත්නය ගත් කල, ශ්‍රී ලංකාව යොමු සලකුණක් වී ඇති බවත්, එබැවින් කලාපයේ අනෙකුත් රටවල් ගත් කල ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයේ සාමාන්‍යයට වඩා බෙහෙවින් ඉහළ ස්ථානයක පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා ශ්‍රී ලංකාවේ රජය දරන ප්‍රයත්න අගය කළ කලාපීය අධ්‍යක්ෂවරයා, යුනිසෙෆ් ආයතනය ශ්‍රී ලංකාවට සිය අඛණ්ඩ සහය සහ උපකාර ලබා දෙන බව සහතික කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now