රට බංකොලොත් කරන්න මුල් වුණේ ලිට්රෝ ද? - වැඩි මිලට ගෑස් අරන් කරපු හදියක්.

Litro Gas Litro Gas Price Department Of Audit
By Wayomi Jan 11, 2024 11:49 AM GMT
Report

පවත්නා ආර්ථික අර්බුදය හමුවේ රුපියල් 1,138,837,430ක අමතර වැය බරක් රජයට දැරීමට සිදු වූයේ ලිට්‍රෝ ලංකා ගෑස් සමාගම නිසා බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ඒ, ලිට්‍රෝ ලංකා ගෑස් සමාගම 2022/2023 වර්ෂ සඳහා අඩු මිලට ගෑස් සැපයීමට ප්‍රසම්පාදනය මගින් තෝරාගෙන තිබූ සමාගමේ ප්‍රසම්පාදනය අවලංගු කර එම මිලට වඩා ඉහළ මිලකට වෙනත් සමාගමකින් ගෑස් මිල දී ගැනීම හේතුවෙන්.

මෙහිදී ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 96ක මුදලකට සැපයීමට ප්‍රසම්පාදනය මගින් තෝරාගෙන තිබූ සමාගමේ ප්‍රසම්පාදනය අවලංගු කර ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 129 හා 118.83 වැනි ඉහළ මිලකට වෙනත් සමාගමකින් මිල දී ගෙන ඇති බවයි විගණනය මගින් අනාවරණය වී ඇත්තේ.

රට බංකොලොත් කරන්න මුල් වුණේ ලිට්රෝ ද? - වැඩි මිලට ගෑස් අරන් කරපු හදියක්. | Millions Are Lost By Buying Gas At Higher Prices

ලෝක බැංකු අරමුදල මඟින් වෙන් කළ මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 70ක් රජය විසින් ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා ලබා දී තිබූ අතර එම මුදල් යොදවා ලිට්‍රෝ සමාගම විසින් වැඩි මිලට ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිල දී ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ, අනුව 2022 වර්ෂයේ ජූනි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 88,535ක් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 129 බැගින් මිල දී ගෙන ඇත.

2022 දෙසැම්බර් මස සිට 2023 ජනවාරි මස දක්වා කාලය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 9825ක් මෙට්‍රික් ටොන් 1ක් අමෙරිකානු ඩොලර් 118.83 බැගින් මිල දී ගෙන ඇති බව විගණන වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම ගෑස් සැපයීම සඳහා අවම මිල ඉදිරිපත් කළ සමාගම 2022/2023 වර්ෂ සඳහා සුදුසුකම් ලද සැපයුම්කරු බවට 2022 අප්‍රේල් 26දා තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ කර තිබුණා..

රට බංකොලොත් කරන්න මුල් වුණේ ලිට්රෝ ද? - වැඩි මිලට ගෑස් අරන් කරපු හදියක්. | Millions Are Lost By Buying Gas At Higher Prices

එය ප්‍රසම්පාදන කමිටුව විසින් ද අනුමත කරනු ලැබූ අතර මෙම සමාගම සැපයුම්කරු ලෙස තෝරා ගැනීම සඳහා 2022 වර්ෂයේ මැයි 4දා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමි වී ඇත.

පසුව වැඩි මිලට ගෑස් සැපයීම සඳහා ඉදිරිපත් වූ සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනය සලකා බැලූ අභියාචනා මණ්ඩලය විසින් ද අදාළ ප්‍රසම්පාදනය අඩු මිලට ගෑස් සැපයීම සඳහා තෝරාගනු ලැබූ සමාගම වෙත ලබා දීමට අනුමැතිය දෙනු ලැබුවා.

2022 වර්ෂයේ මාර්තු මාසයේ සිට මෙරටට ගෑස් මිල දී ගැනීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නොමැති අවස්ථාවක අඩු මිලට ගෑස් සැපයීමට මෙම සමාගම එකඟ වී ඇති නමුත් එම සමාගම ගෑස් සැපයීමට එකඟ වූ මිල ද ඉක්මවා වැඩි මිලට ගෑස් මිලදීගෙන තිබූ බව ද විගණන වාර්තාවේ දැක්වෙනවා.


                                                                                   Sponsored By Sarrita Jewellery

රට බංකොලොත් කරන්න මුල් වුණේ ලිට්රෝ ද? - වැඩි මිලට ගෑස් අරන් කරපු හදියක්. | Millions Are Lost By Buying Gas At Higher Prices