හදිසියේම නිවසට කඩාවැදුණු මෝටර් රථය අවුරුදු 7ක දියණියව බිළිගනී..මෙරටින් ඇසෙන හද කම්පා කරන පුවත..(VIDEO)
Sri Lanka
Sri Lanka Police Investigation
Accident
By Sewvandhi
මෝටර් රථයක ගැටී මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවුරුදු 7 ක දැරියක් ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් මොරගහහේන මිල්ලෑව පොල්වත්ත ප්‍රදේශයෙන් අද වාර්තා වුණා.
මෝටර් රථයේ රියදුරු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ තමන්ට සිදුවූ අත්වැරදීමකින් රථය එක්වරම හැරවී මාර්ගයෙන් ඉවතට පැන දැරියගේ නිවසට ඇදී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් අදාළ දැරිය වාසය කළ නිවසට ද හානි සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු වන 52 හැවිරිදි පුද්ගලයා මොරගහහේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |